Posts

Showing posts from June, 2020

ආදරයද මේ...02

Image
💙ආදරයද මේ 2 💙 සිනෙත්, මගේ ගේ අතින් ඇදලා ගත්දිම මාව පුලුන් රොදක් වගේ ගිහින් ඒ පපුවේ හිර උනේ හිතන්නත් කලින්. මාව තුරුලු කරන් ඉදපු සිනෙත් එක පාරට මව ඈත් කරලා කෑ ගහුවේ තරහින් "පිස්සුද ඕයි බෙරිහන් දෙන්නේ.... තව ඩින්ගෙන් මාවත් වැටෙනවා... මට පරලව යන්න වෙන්නේ..." "සිනෙත් අනේ ක...කු..ලේ ක්...කූ... ඩැල්ලෙක් සිනෙත්" "අහ්... තමුසේ උන්ටත් බයයි ද... ඒ උනාට තියෙන්නේ හෙන ලොරි ටෝක්... ඉන්නවා ඔහොම පොඩ්ඩක් මන් අයින් කරන්නම්." සිනෙත් කකුලේ හිටපු කූඩැල්ලවත් අයින් කරලා දාලා පහලට එන්න හැරුනේ තව උඩට ගියොත් එන්න පරක්කු වෙන හින්දා. " එනවා යන්න පහලට, උඩට ගියොත් පල්ලෙහාට යන්න ‍රෑ වෙයි.." "හරි... යමු..." ශිට් මේකිනම් මගේ ඔලුවම කනවා. මට ආදරේ කරන්න හිත හදාගන්න බෑ ඔයි. එත් තමුසෙව දකිද්දී මට මාව පාලනේ කරගෙන ඉන්න බෑ ඔයි... තමුසෙට මෙහෙම සැරෙන් කතා කර්ද්දිත් මගේ පපුව පිච්චිලා ‍යනවා ඔයි... "ඉක්මන් කරන්න... වැස්සක් එනවා, නැත්නම් තමුන් තෙමිලා ලෙඩ හදා ගත්තම මට නැහෙන්න වෙයි..." ඒ කියලා සිනෙත් ට කට ගන්න උනේ නෑ එක පාර මහා වැස්සක් වහින්න ගත්ත