ආදරයද මේ...02

💙ආදරයද මේ 2 💙




සිනෙත්, මගේ ගේ අතින් ඇදලා ගත්දිම මාව පුලුන් රොදක් වගේ ගිහින් ඒ පපුවේ හිර උනේ හිතන්නත් කලින්. මාව තුරුලු කරන් ඉදපු සිනෙත් එක පාරට මව ඈත් කරලා කෑ ගහුවේ තරහින්

"පිස්සුද ඕයි බෙරිහන් දෙන්නේ.... තව ඩින්ගෙන් මාවත් වැටෙනවා... මට පරලව යන්න වෙන්නේ..."

"සිනෙත් අනේ ක...කු..ලේ ක්...කූ... ඩැල්ලෙක් සිනෙත්"

"අහ්... තමුසේ උන්ටත් බයයි ද... ඒ උනාට තියෙන්නේ හෙන ලොරි ටෝක්... ඉන්නවා ඔහොම පොඩ්ඩක් මන් අයින් කරන්නම්."

සිනෙත් කකුලේ හිටපු කූඩැල්ලවත් අයින් කරලා දාලා පහලට එන්න හැරුනේ තව උඩට ගියොත් එන්න පරක්කු වෙන හින්දා.

" එනවා යන්න පහලට, උඩට ගියොත් පල්ලෙහාට යන්න ‍රෑ වෙයි.."

"හරි... යමු..."


ශිට් මේකිනම් මගේ ඔලුවම කනවා. මට ආදරේ කරන්න හිත හදාගන්න බෑ ඔයි. එත් තමුසෙව දකිද්දී මට මාව පාලනේ කරගෙන ඉන්න බෑ ඔයි... තමුසෙට මෙහෙම සැරෙන් කතා කර්ද්දිත් මගේ පපුව පිච්චිලා ‍යනවා ඔයි...

"ඉක්මන් කරන්න... වැස්සක් එනවා, නැත්නම් තමුන් තෙමිලා ලෙඩ හදා ගත්තම මට නැහෙන්න වෙයි..."

ඒ කියලා සිනෙත් ට කට ගන්න උනේ නෑ එක පාර මහා වැස්සක් වහින්න ගත්තා. ඒ වැස්සයි සීතලයි එක්ක ඇවිද ගන්නවත් බැරි තරම් සීතල මගේ මුලු ඇගම වෙලා ගත්තා.

"ඒයි මේ තමුසේ තපස් රකිනවද?එනවා..."

"හරි...."

"මොන ඇදුමක්ද ඔය ඇදන් ඇවිත් ඉන්නේ, මෙන්න මේ ජැකට් එක දාගෙන එනවා යන්න..."

යකෝ ඒකිගේ ලස්සන බැදලත් මෙච්චර දවසක් මන් එකිව මෙහෙම දැක්කේ අද නේ ... හම්බෝ... ඇස් දෙක ගලව ගත්තේ අමාරුවෙන්. එත් කොහොමද දෙවියනේ මන් හිත හදන් ආදෙරේ කරන්නේ.මට බෑ අදරේ විශ්වාස කරන්න.

"මේ ඕයි තව තෙමෙන්නේ නැතුව වාහනේට නගින්නවා..."

"හරි මන් නගින්නම් වාහනේට ... එත් පොඩ්ඩක් ඉක්මනට එනවද..? මට සීතලයි..."

ටිකකින් සිනෙත් ඇවිත් වාහනේට නැග්ගේ බර කල්පනාවක් එක්කමයි. එයා එහෙමම වහනේ එලවගෙන යද්දී මට ඇස් පිය උනේ ඔලුවට දැනුනු බර ගතියත් එක්ක.

මේකි යකෝ නිදි නේද? මාර හොන්තුවක් තමා... තෙමිච්ච කිකිළි වගේ නිද.

"එයි කවිශා... මේ නැගිටින්න අපි හොටෙල් එකට ආවා, මීදුම වැඩි යන්න අමාරුයි වැස්සත් එක්ක.අපි කෝකටත් කියලා ඇදුම් ගෙනාව එකේ අද ඉමු..."

"අහ්... සොරි සිනෙත්, ඔලුව කැක්කුමත් වගේ ඒ නිසා මට නින්‍ද ගියා ..."

"ඇයි... මොකෝ මෙහේ එනවා බලන්න .... එයි තමුන්ට උන නේද හොදටම..."

සිනෙත් කලබලෙන් ඇවිත් මාව වාහනෙන් අරන් එක්කන් ගියේ අපි බුක් කරපු රූම් එකට. අපේ බෑග් ඔක්කොම ගෙනත් තියලා ඉක්මනින එන්නම්... කියලා එලියට ගියා.

මේ කෙල්ල සැරෙන් සැරේ මගේ හිත හොල්ලනවා... ඒත් දෙයියනේ මන් කොහොමද ආදරේ කර්න්නේ මතීෂා වගේ මේකිත් මට නැතුව මේ දේපළ වලට පෙරේත කමට රගපානවා ඇති. ශිට් මට නම් ගෑනු එපා. මේ බෙහෙත් ටික දිලා මන් මගේ පාඩුවේ ඉන්නවා .

"කවීශා ... ආ... මේ බෙහෙත් , ඔයාට කෑම ඔඩර් කලා රූම් එකටම ඔයා කාලා නිදා ගන්න ."

"ඔයා ටව්න් ගියාද?"

ඔව් නුවරඑළිය ටවන් එකට ගිහින් ෆාමසි එකකින් ඉල්ල ගත්තා "

එහෙම කියලා සිනෙත් ආයිත් යන්න ගියේ කොහෙද කියලා මන් දන්නේ නෑ... මන් කාලා බෙහෙත් ටික බීලා නිදා ගත්තේ තිබ්බ වෙදනාව නිසාමයි.

ශිට් මේකිනම් මගේ ඔලුවම කනවා. කවිශා ලග ඉද්දී මට දැනෙන්නේ එකිව ඕනෙමයි කියලා. එත් ඒකිත් ‍රවට්ටයි මාව. වැටෙන්න ‍යද්දි පපුවට තුරුල් කරගත්ත වෙලාවේ මට නිකන් කරන්ට් එක වැදුනා වගේ උනා. එත් මේකිත් මාව රවට්ටයි.

"මල්ලි තියන සැරම එකෙන් බොට්ල් එකක් දෙන්න..."

"හරි සර්..."

"මල්...ලී..., මට මදී... තව බොට්ල් එක..ක් දෙ...න්...න...මල්ලි දෙ...න්...න මන් ගෙ..වනවා..."

"සොරි සර්... අපි දැන් බා(ර්) එක වහන්න හදන්නේ, සර් දැනටමටමත් ඩ්‍රන්ක් වෙලා ඉන්නේ... "

"ඒකට ක්...කමක් නෑ ම...ල්...ලී මේ ගැනු ඔක්කොමෙ එක වගේ ... මට ඊට වඩා මේ බොන එක හොදයි... "

"සර්... ගේ රූම් නම්බර් එක කියන්න අපි හෙල්ප් කරන්නම් ..."

"7...0...8"

මගේ නින්ද කැඩුනේ දොරට ගහන සද්දෙට, මන් දොර ඇරලා බලද්‍දි සිනෙත් ව එක්කන් ඇවිත් තිබ්බේ හොටෙල් ස්ටාෆ් එකේ ළමයෙක් . කෙලින් හිටගන්නවත් බැරුව වෙරි වෙලා හිටපු සිනෙත් ව මන් වත්තම් කරන් ඇවිත් නැව්වේ වෙරි බහිනවා කියලා තිබ්බ නිසා. එහෙමම ඇදුම් මාරු කරලා ඇදට දාපු සිනෙත් කිව්ව වචන වලට මගේ ඇස් තෙත් උනේ සිනෙත් ගැන ඇති උනු දුකට.

"මන්...ඔ..යාට ආදරෙයි කවීශා , එත් මට බ...යයි උඹ..ත් මාව මතිෂා වගේ දා..ලා යයි කියලා. ඒ...කි මට නෙ..වේ මගේ ස...ල්ලි ව...ලට ආදරේ ක....ලේ..."

මන් එහෙමම කල්පනා කලේ මේ කියන දෙවල් වෙරි මතින් කියන නිසා විශ්වාස කරනවද නැද්ද කියලා...එත් හිතේ ඇති උනේ මතිෂා එක්ක ඉරිසියාවක්... මට නොලැබෙන ආදරේ එයාට ලැබුනා කියලා. සිනෙත් කෙදිරි ගාල මට කතා කරන සද්දේට මන් ලඟට ගිහින් ඔලුව අතගාලා බාම් ටිකක් ගෑවේ ඔලුවෙ රස්නේ ගතිය දැනුන නිසා.

"ක...වී...ශා.. ඔ..ය..ත් මා...ව දාලා යනවද... ය..න්...න එපා ක...වී...ශා... මට කව්...රුත් .... නෑ.."

ටිකකින් මට නින්ද ගියත් මගේ පපුවට දැනුන බර නිසා මන් නැගිටලා බලද්දී සිනෙත් මගේ පපුව උඩින් ඔලුවත් තියන් මට තුරුල් පොඩි දරුවෙක් වගේ නිදි. එහෙමම නිදා ගන්න දිලා මන් නිදා ගත්තේ ඒ නින්දට බාදා කරන්න බැරි නිසා. උදේ මට සිනෙත් ගේ කටහඬට.

"කවීශා... කවී..."

"ම්හ්... කියන්න සිනෙත් අමාරුයි ද ඔයාට... එන්න මන් ඔලුව අත ගාන්න..."

"න්...න්..නෑ කවිශා මට ඔයා එක්ක කතා කරන්න ඕන..."


"කවිශා... මන් ඔයාට ආදරේ කරන්න බයයි.හේතුව මන් කෙන්ක්ට ආදරේ කරා... එත් ඒකි මාව රවට්ටලා මගේ හොදම යාලුවා එක්ක බුදිය ගත්තා... එකත් අපේ සෙකන්ඩ් ඇනිවසරි දවසේ මන් ඒකිව සප්‍ප්‍රයිස් කරන්න ‍එකිගේ ගෙදරට යද්දී එකී මාව කෑවා...ඒකි මගේ මූනට කිව්වා මට නෙවේ ආදරේ මගේ සල්ලි ඕන කියලා කියලා... "

"සිනෙත් මට මගේ මාහත්තයා නැතුව මේ කිසි දෙකින් වැඩක් නෑ... මාවත් ඒ ගනේන් මනිනවනම් ඒක ඔයාගෙ වැරද්දක්. සිනෙත්..."

එහෙමම සිනෙත් මගේ ඔඩොක්කුවෙන් ඔලුව තියන් අඩන්න ගත්තේ පොඩි දරුවෙක් වගේ. දෙමව්පිය ආදරෙත් නොලැබී, ආදරෙනුත් පැරදුනාම කොහොම වේදනාවක් ද කියලා මට තෙරුම් ගන්න බැරි උනේ නෑ.

"කවීශා මට සමාවෙන්න මන් ඔයාට ආදරේ කලේ ඔයාව දැක්ක දවසේ ඉදන්... ඒත් ඒ අදරේ දෙන්න මට බය හිතුනා."

"සුදු මහත්තයා... අපි දැන් පරන කතා නවත්වමු. මන් ඔයට ආදරේ කලේ නීතියෙන්ම ඔයාගේ උන දවසේ ඉදන්..."

"මන් අදරෙයි.... මැනික..."

එහෙමම සිනෙත් මගේ දෙතොල් වට බර උනේ මට හිතන්නවත් ඉඩ නොතියා මාත් ඒ අදරේට නතු උනේ හරිම ආදරෙන්. ඉතින් ඒ සුන්දර නුවරඑළියේ සීතලේ මන් එයාගෙම උනේ සුදු පාට ඇද රෙද්ද මත මගේ පිරිසුදු කම සනිටුහන් වෙද්දී . සිනෙත් මගේ නලලේ උනුසුම් හාදුවක් තවරලා මාව තුරුල් කර ගත්තේ මගේ ජිවිතේ නැති උනු සැනසිමත් ආයිත් මගේ ජීවිතේ ට ගෙනත් දීලා.

🌸 -නිමි-🌸

මේ කතාවේ මට හිතපු නැති විදියට ඔයාල වැලද ගත්තා . ඉතින් මන් ලිව්ව කෙටි කතාවේ අවසානය වෙනකන් මන් ලග ඉදපු ඔයාලා හැමෝටම ස්තුති!!! මගේ කතාවේ වරදක් ඇත්නම් සමාවෙන්න. ආදරෙයි ඔයලාට😘♥️

ඒ වගේම මම අසනිප වෙලා ඉද්දී මට වචනෙන් හරී හිත හයිය කරගන්න ලග ඉදපු ඔයාලට ගොඩක් ස්තුති! ඒ ආදරේ වචන වලට ගේන්න මට තෙරෙන්නේ නෑ... ඔයලා හැමෝටම ගොඩක් ආදරෙයි... 😘♥️

හමුවෙමු ආයෙත් තවත් ලස්සන කතාවකින්. එතකන් සමුගන්නම්😘♥️

💙ගංතෙර සිතුවිල්ලෙන්💙
🌸-මම නිමේ-🌸

#කතාවේ_පුර්ණ_අයිතිය_කතෘ_සතුයි_කතෘ_අවසරයකින්_තොරව_උපුටා_ගැනිම_හෝ
තමන්ගේ_ලෙස_වෙනස්කොට_බාවිතා_නොකරන්න  එය_සම්පූර්ණයෙන්ම_තහනම්_වේ#.



Comments

Popular posts from this blog

pinky

🅱🅻🅰🅽🅲🅷🅴 🅼🅾🅽🅽🅸🅴🆁 ඛේදවාචකය ....

Dramma Queen