pinky

pinky













" Pinky, oya koheda inne? Puluwan nm ikmnta online enna"



"අදත් එයාට අමතක වෙලාද කොහෙද, පව්, වැඩ වැඩි ඇති" 😌😌😌😌



හිත හිත මම ඉන්නකොට මට ආපු මැසේජ් එක මට ඇහුනේ ඒ වෙලේ, කවදාවත් නැතුව මගේ හොදම යාලුවා හදීසියෙම මට ඇයි මේ ඔන්ලයින් එන්න කියන්නේ කියලා හිත හිතම මම ෆොන් එක අතට ගත්තේ, 🤔🤔🤔🤔



මම ඔන්ලයින් ගිහින් බලද්දිම එයා මොනවද මන්දා ෆොටෝ වගයක් එවලා තිබුනා, මම එච්චර ඕන කමින් නැතත් ඒ ටික බැලුවා 😶😶😶😶



"දෙයියනේ.... 😟😟😟😟 මේ එයාමයි නේ... 😥😥😥😥"



මම දැක්කේ, මගේ අවුරැද්දක ප්‍රේමේ ♥️ වෙන කෙල්ලෙක් එක්ක එකට රෙස්ටුරන්ට් එකක කෑම කනවා 😒😒😒😒



"Danma awoth ubata athatama alla gnn puluwan, mn location share kla"



මගේ යාලුවාගෙන් ඒ ගමන්ම ආපු මැසේජ් එකේ තිබ්බ තැනට මම ටක්ගාලා ගියේ, මේ දැක්කේ ඇත්තටම ඇත්තක්ද කියලා දැනගන්නමයි. මට තාමත් මතකයි අපි ආදරෙන් හිටපු හැටි 🤩🤩🤩🤩 කොහොම අමතක කලන්නද ඒ දවස්, ඒත් මට තාමත් හිතාගන්න බැරි ඇයි එයා මට එහෙම දෙයක් කලේ කියලයි.



කොහොමෙන් කොහොම හරී, මම ඒ කිව්ව තැනටත් ආවා,



"ආ..... 😳😳😳😳 පොඩි මිස්, පුදුමයි මිස් අද මෙහේ ආවා....



මාව දැක්ක ගමන්, කට්ටිය එහෙම කියන්න වුනා 😁😁😁😁



මේ රෙස්ටුරන්ට් එක අයිති මගේ තාත්තට, මේක විතරක් නෙමේ, තව හොටෙල් ගෘප් එකකුයි පිටරට හොටෙල්ස් වගෙකුත් අපිට අයිති, මට අයියා එක්ක එකතු වෙලා මේවාගේ වැඩට එන්න කියලා මොන තරම් බල කලත් මම මගේ ඩ්ග්‍රිය ඉවර වෙනකම් මේ දෙවල් වලට එන්නේ නැතුව ඉන්නයි හිතලා තිබුනේ. මම වැඩ්පුරම මේ පැත්තේ ආවේ ගියේ නැති තරම්, පැතුම් මට ආදරේ කලත් එයා ගැන හිතෙ තිබ්බ මොකද්දෝ හැගීමක් නිසා මම මගේ ඇත්ත තත්තවය එයාට හැන්ගුවා, එයාලත් සල්ලිකාරයෝ, කොටින්ම කියනවා නම් එයා තාත්තගේ සල්ලී වලින් සැප විදපු කෙනෙක්, එයාගේ තාත්ත තමා අපේ කම්පැනියේ එකවුන්ට්ස් හෙඩ්,





මම හැමොටම හිනාවකින් ව්තරක් ආචාර කරලා ආවේ එයාලා අහන ප්‍රශ්ණ වලට උත්තර දෙන්න තරම් මගේ හිතට නිදහසක් නැති නිසා 🤐🤐🤐🤐



මම ඇතුලට එනවත් එක්කම, මගේ යාලුවා ඉස්සරහට දුවන් ආවා 😣😣😣😣



" Pinky, කලබල නොවී අපි මේක විසදගමු හොදේ, අනික මෙතන අය ඔයාව හොදට දන්නවත් එක්කනේ 😐😐😐😐"



මගේ යාලුවා කියපු දේත් ඇතින් වගේ මට ඇහුනේ, මොකද එතකොටත් අපි හිටන් හිටපු තැනට පැතුම් එයාගේ අලුත් ආදරෙත් එක්කම ආවා 😖😖😖😖



"පැතුම් 😥😥😥😥....."



මොන තරම් හිත තද කරන් ඉන්න හැදුවත් ඒ දෙන්නව දැක්කම මට මාවම පාලනය කරගන්න බැරැව ගියා 😑😑😑😑 ඒ කෙල්ල ඇගටම ඇලිච්ච කොටම සායකුයි, ටියුබ් ටොප් එකකුයි ඇදලා හිටියේ, ලැජ්ජාවක් නම් ගැවිලාවත් තිබ්බෙම නැති තරම් 😶😶😶😶. සමහරව්ට පැතුම්ට මට වඩා ඒ කෙල්ලට කැමති වෙන්න හිතෙන්න ඇත්තේ ඒ කෙල්ලගේ ගති පැවතුම් නිසා වෙන්න ඇති. මම මොන තරම් සල්ලිකාරයෙක් වුනත් මට ඕනි වුනේ චාම් විදිහට ජිවත් වෙන්නයි.



"කවුද පැතුම් මේ ගෝඩේ කෙල්ල 😅😅😅😅"



" කවුද දන්නෙ ඩාලින්, 😄😄😄😄 කොහෙද යන ගොඩේ කෙල්ලෙක්"



මෙච්චර ආදරේ කරලත් පැතුම් ගේ උත්තරේ වුනේ ඒකයි.



"ආ...... ඔව් ඔව්, මම මේ කොහෙවත් යන ගොඩේ කෙල්ලෙක් නේ 😂😂😂😂, එතකොට මේ ගොඩේ කෙල්ලට ආදරේ කරපු මෙයා හරි 👍👍👍👍 කොල්ලෙක් නේ.... ඇයි ඔයා මෙයාට කියලා නැද්ද මම කවුද කියලා 😁😁😁😁.... මේකයි මට නම් දැන් මෙයා ගෙන් කිසිම වැඩක් නෑ 😛😛😛😛 ඔයාම තියාගන්න මෙයාව"



මට එච්චරයි කියන්න හම්බුනේ, කෙල්ල මට ඔරවලා පැතුමවත් අතින් ඇදන් එතනින් යන්න ගියා.... මොනතරම් හිත හයිය කරන් හිටියත් මගේ ඇස් වලින් අඩුවක් නැතුවම කදුලු වැටෙන්න වුනා 😪😪😪😪 මගේ යාලුවා මාව කොච්චර සනසන්න හැදුවත් මට ඒ හැම දෙයකටම වඩා පෙනුණේ පැතුම් අර කෙල්ලත් එක්ක ජෝඩු 💑 දාලා යන එකයි.



"ආපෝ..... පොඩි ම්ස්, මොකද මේ හොටු පෙරා ගෙන අඩන්නේ 😭...... මුහුදෙ ඉන්නේ එක මාලුවා ද හලෝ 🐟 ඔන්න ඕකට යන්න ඇරලා වෙන අතක් බලාගන්න හලෝ, ලැජ්ජාවේ බෑ හලෝ Mr. සෙනවිරත්නට මේ වගේ අඩන 😭 දුවෙක් ඉන්නවා කිව්වම"



ඒ කටහඬට ඇහිච්ච ගමන් මමයි මගේ යාලුවයි දෙන්නම එක පාර හැරිලා බැලුවා. සුදු උස, පෙනුමට රැවුලයි, කොන්ඩෙයී එයාට ගෙනාවේ හැන්ඩ්සම් ලුක් එකක්. එයාව දැක්ක ගමන් මට හුරු පුරුදු ගතියක් දැනුනත් මට ඒ මුණ අදුර ගන්න බැරී වුනා.....



"දැන් ගෙදර ගිහින් ඔය හැමදෙයක්ම අමතක කරලා සතුටින් 😃 ඉන්නවා හලෝ"



මේ කොහෙන් කඩා පාත් වෙච්ච ගෙම්බෙක්ද 🐸 අනික මගේ ගැන හැමදෙයක්ම දන්නවත් එක්කනේ.



" ඔයා කවුද? 🤔🤔🤔🤔අනික ඔයා කොහොමද මං ගැන ඔච්චර විස්තර දන්නෙ?🤔🤔🤔"



බැලු බැල්මට නම් ඔහු මෙහේ සෙවකයෙක් කියන්නත් බැරී නිසා මම කෙලින්ම ඇහුවා....



" ඇයි පොඩි ම්ස්ට මාව අදුර ගන්න බැරිද 😂😂 පොඩි ම්ස්ට මාව අදුර ගන්න බැරි වුනාට මම නම් පොඩි ම්ස්ව හොඳට අදුරනවා. තව ටික දවසකින් මම කවුද කියලා ඔයාට කියන්නම්, එතකම් පරිස්සමින් ඉන්නකෝ"



එයාගේ කතාවට මාව කරකවලා ඇතැරියා වගේ වුනා.....



"ආ...... කියන්න අමතක වුනා නේ, මොන දේ වුනත් හොටු පෙරා ගෙන අඩන්න එපා ඒක ඔයාට ඒ කාලේ ඉදන්ම ගැලපුනේ නෑ. මම හැමදාමත් ඔයාව පරිස්සමි කරනවා පින්කී 😍😍😍😍"



යන්න ගියපු එයා, ආපහු ඇවිත් 🚶 මට එහෙම කියලා, මගේ නලලට හාදුවකුත් 😘 දීලා BMW කාර් 🚗 එකක නැගලා යන්න ගියා.....



"කවුද බං ඒ BMW කුමාරයා 🤴.. එයා හරියට කතා කලේ උඹව සෑහෙන කාලයක් ඉදන්ම අදුරනවා වගේ නේ"



"ඒක තමා බං මමත් කල්පනා කලේ, කවුද මේ කියලා, කවුරු වුනත් මාව හොඳට අදුරන කෙනෙක, අපි බලමුකෝ"



ආදරේ බිදිච්ච 💔 එකට දුකත් හිතේ හිර කලන් ආගන්තුක කුමාරයා 🤴 කවුද කියන එකත් හිත හිතම මම ගෙදර එන්න ආවා. ගෙදර ආපු ගමන්ම කා එක්කවත් කතා නොකළම මම ඉක්මනින් කාමරේ ඇතුළට ආවේ දැනටමත් ගෙදර අයට සිද්ධිය ආරංචි වෙලා ඇති කියලා හිත හිතම 🤫🤫🤫🤫.



ඒත් හිතපු විදිහටම ගෙදරට කිසිම දෙයක් ආරංචි වෙලා තිබේ නෑ,



" මම කවදහරී දවසක ලොකු වෙලා BMW කාර් 🚗 එකක නැගලා එනවා ඔයාව මනමාලියෙක් 👰 වගේ අරන් යන්න, මම එනකම් පරිස්සමින් ඉන්න ඕනී"



"ඇයි ඔයා මාව එක්කන් යන්නේ? "



"ඔයා තමා හැමදාමත් මගේ පුංචි සුරංගනාවි 👼 හැබැයි ඔන්න අඩන්න 😢 බෑ, ඔයාට ඇඩුවාම කැතයි,මොන දේ වුනත් කොහෙ හිටියත් මම හැමදාම ඔයා ලගින් ඉදන් ඔයාව පරිස්සමි කලනවා පින්කී 😍😍😍😍 "



" මොනාද ඔය පිංතූරේ දිහා බලන් ඔයාකාර කල්පනා කරන්නේ? එන්න කෑම කන්න, හැමෝම බලන් ඉන්නවා"



අම්මාගේ කටහඬට මාව ගැස්සිලා ගියේ, මම තනි වෙලා හිටපු පොඩි කාලේ මතකෙන් මාව මේ ලොකෙට එද්දී. ඒ වෙලාවේ තමා මට තේරුම් ගියේ මම මේච්චර වෙලා මගෙයි අබී ගෙයි පොඩි කාලේ ලස්සන මතකෙ තනි වෙලා ඉදලා තියෙන්නේ අපේ පොඩි කාලේ පිංතූරේ දිහා බලන්මයි කියලා.



අබී කියන්නේ, පොඩි කාලේ ඉදන්ම අපේ අයියාගේ හොඳම යාලුවා. එවගේම එයා මගෙත් යාලුවා. අපේ තාත්තලත් හොඳට අදුරනවා, ඒ නිසා අබී හැමදාම වගේ හිටියේ අපේ ගෙදර. අබී හැමදාම කියපු දෙයක් තමා කවදහරී දවසක එයා මාව එයාගෙම කර ගන්නවයි කියලා. ඒත් එයාට අවුරුදු 10 විතර එයාගේ තාත්තගේ ඇමරිකාවේ හොටෙල්ස් 🏢 බලාගන්න කියලා එයාලා ඇමරිකාවේ ගියා, එදා තමා අපි දැක්ක අන්තිම දවස. එදත් එයා කියලා ගියේ මට පරිස්සමින් ඉන්න කියලයි. ඒ වගේම එයා මට දාපු පින්කී කියන නම පොඩි කාලේ ඉදන්ම හැමෝම කියන්න ගත්තා, දැන් මගේ ඇත්ත නමත් පින්කී වෙලා 😍😍😍😍. එදායින් පස්සේ අබී ගෙන් කිසිම තොරතුරක් අද වෙනකං නැති නිසා එයාට එහේ කෙනෙක් හම්බවෙන්න ඇති කියලා මම නිකම් හිටියා. අන්තිමට අබී ගෙයි මගෙයි මතකෙ ෆොටෝ 📷 එකට විතරක් සීමා වුනා 😪😪😪😪.



පැතුම් මට කරපු බොරැ ආදරේ 💔 අමතක කරලා දාන්න මම හිත හදා ගත්තා. මම හැමදාම හවසට බීචි 🏖️️ ගිහින් මුහුදට මගේ දුක කිව්වා 😭 හැබැයි ඒ යන හැමදාම මගේ පස්සේ කවුරු හරි එනවා වගේ මට දැනුනත් මම ඒක එච්චර ගනන් ගන්න ගියේ නෑ. මම මුහුද දිහා බලන් ඉන්නව හැමදාම තවත් කවුරු හරි මගේ දිහා බලන් ඉන්නවා වගේ මට දැනුනා.



" ඒ ගොඩේ කෙල්ල 👧 "



දවසක් මම බීචි 🏖️️ එකේ ඉන්නකොට කවුද මගේ ලගින් ඉදන් මට කතා කලනවා වගේ මට ඇහුණා. ඔලුව උස්සලා බලද්දී ඒ පැතුම් ගේ අලුත් කෙල්ල 😅😅😅



" මේ ගොඩේ කෙල්ල 👧 බලනවා 👀 අපි මැරි කලා ❣️"



" අනේ හොඳයි, මම හිතුවා පැතුම් හිටපු විදිහට ඔයා නැතුව තව 10ක් විතර කෙල්ලන්ව අමාරැවෙ දායි කියලා 😂😂"



මම කියපු කතාවට තරහා 😡 ගිහින්ද කොහෙද ඒ කෙල්ල 👧 මට ගස්සලා දාලා ගිහින් ඊට ටිකක් එහාට වෙන්න හිටපු පැතුම් ගේ පපුවට තුරුලු වුනා.






" ආ.... පින්කී මැඩම්, අද නම් මුණ ඇබුල් කරන් නෑ නේ 😂"



එහෙමත් කියන් BMW කුමාරයා 🤴 කොහෙද මන්දා ඉදම් මං ගාවට ආවා.



" හැමදාම කියනවා නේද බබා පරිස්සමින් කියලා, කියන දෙයක් කවදාවත් අහන්නේ නෑ ස්කූටියට නැග්ගාම හරියට නිකම් පියාබනවා වගේ නේ 😐😐,මම හැමදාම බලන් ඉන්නවා කවදාවත් හෙම්න් ආවේ නෑ "



එහෙම කියමින් BMW කුමාරයා 🤴 මට තවත් ලං වුනා 😁😁😁😁 එයාගේ ලස්සන මූනයි එයාගේ මේ හැසිරීමයි දැකලා මගේ පපුව වේගෙන් ගැහෙන්න වුනා 💓 ඒත් එක්කම මම දැක්කේ අපිට ටිකක් එහායින් පැතුම් එයාගේ කෙල්ලත් එක්ක සිද්ධිය බලම් ඉන්නවා 😂.



" අනික් දවසේ කියන දේ ඇහුවේ නැත්තං හොඳ වැඩක් කරනවා"



කියාගෙනම එයා මගේ නලලට හාදුවකුත් 😘 දීලා එහෙම්ම යන්න ගියා.



"එහෙනම් හැමදාම මා දිහා බලන් ඉදලා තියෙන්නේ මෙයා "



එයාගේ ඒ හැසිරීමයි පෙනුමයි මට හොඳට පුරුදු ගතියක් දැනුනත් මට තාමත් බැරී වුනා එයා කවුද කියලා හොයාගන්න. ඒ විතරක් නෙමේ, එයාගේ කිසිම දෙයක් මට වලක්වන්නටවත් ඕනී වුනත් මට එහෙම කරන්න බැරි වුනා 😁😁😁😁 එයාගේ උණුසුම මට තවත් ඕනී වුනා විතරක් නෙමේ ඒ උණුසුම මට අමුත්තක් දැනෙන්නට වුණා 😍😍



කාලය ගෙව්ලා ගියා. මමයි BMW කුමාරයා 🤴 ආපහු හම්බුනේ නෑ මගේ ඩිග්‍රියට මටත් ඇමරිකාවේ යන්න වුනා. මාස 6 කින් මම ආපහු ලංකාවට 🇱🇰 ආවා. මම අයියත් එක්ක එකතු වෙලා තාත්තා ගේ වැඩ වලට එකතු වුනේ තාත්තගේ බිස්නස් එකේ ගොඩක් ප්‍රශ්න පටන් ගත්ත නිසා. මට සම්පූර්ණයෙන්ම පැතුම් අමතක කරන්න පුලුවන් වුනා 😁😁😁😁 ඒ වෙන කොටත් මගේ හිත මටත් හොරාම BMW කුමාරයා 🤴 කැමති වෙලායි තිබ්බේ.



ඒත් මේ ලංකාවේ කොහොන් එයාව හොයන්නද එයා ගැන හරි විස්තරයක්වත් දන්නේ නැතුව 😲



මටත් නොදැනිම දවස් ගෙවිලා ගියා 😑😑😑😑 තාත්තගේ බිස්නස් එකේ ගොඩක් ප්‍රශ්න තිබ්බා, ඒ හැම ප්‍රශ්නයක්ම තිබේ එකවුන්ට්ස් වල. එතකොටත් පැතුම් එයාගේ තාත්තා එක්ක එකතු වෙලා අපෙ බිස්නස් එකට සම්බන්ධ වෙලයි හිටියේ.



" ආ..... මැඩම්, දැන් ලොකු නෝනා කෙනෙක් නේ, ඇමරිකාවේ ගිහින් ඉගෙන ගෙනත් ආවා. අපිව මතකද මන්දා"



දවසක් හැන්දෑවේ බීචි 🏖️️ එක ලග ඉද්දී මට ලගින්ම ඇහිච්ච ඒ හුරු පුරුදු කටහඬට මම හැරිලා බැලුවා 😶😶😶😶



මගේ BMW කුමාරයා 🤴 .....



" දැන් ඉතින් අපි වගේ අය මතකද මන්දා"



" ඔයා කොහොමද මං ගැන ඔය තරම් විස්තර දන්නෙ? 🤔🤔🤔 මගේ නම මගේ තාත්තා ගැන මම ඉගෙන ගත්ත තැන, හැමදෙයක්ම ඔයා කොහොමද ඔහොම දන්නෙ 🤔🤔🤔 "



" හී හී...... 😁😁😁😁, ඒ විතරක්ම නෙමේ පින්කී මැඩම් මම තව දෙයක් දන්නවා"



"ඒ මොකද්ද ඒ? "



මගෙ හිත ගැහෙන්න වුනා 💓



තව ට්කක් එයා මගේ ලගට ඇවිත් මගේ ඇස් දිහා කෙලින්ම බලන්



" ඔයා මට ආදරේ ❤️ කලනවා කියලත් මං දන්නවා පින්කී 😍😍😍😍, ඔයා මොනතරම් හැන්ගුවත් ඔයාගේ ඇස් වලින් හැමදෙයක්ම කියවෙනවා"



මට ඒ වචන ටික ඇහුණේ ඈතින් වගේ 😲 , මගේ හිතේ තියෙන දේ මෙයා කොහොමද දන්නෙ 🤔🤔🤔 අනික මෙයා කවුද? මෙයාව දැක්කාම මට ඇයි පුරුදු ගතියක් දැනෙන්නේ.



" ඔච්චර පුදුම වෙන්න එපා ලමයෝ, ඔයාගේ ඔය හැම ප්‍රශ්නටෙම උත්තරේ තව දවස් 2කින් ලැබෙයි. එතකන් පරිස්සමිං ඉන්න 😘"



එයා පුරුදු විදිහටම මගේ නලලට හාදුවකුත් දීලා එතනින් යන්න ගියේ මට හිතන්න ගොඩක් ප්‍රශ්න ඉතුරු කරලා.



BMW කුමාරයා 🤴 ගැන මගේ හිතේ තිබ්බ කුතුහලය තවත් වැඩි වුනා 😁😁😁😁.



" කොහොන් කඩා පාත් වෙච්ච ගෙම්බක්ද 🐸 මංදා, කමක් නෑ ඔය කියනවත් වගේ දවස් 2ක් ඉවසලා බලමුකෝ මේ BMW කුමාරයා 🤴 කවුද කියලා "



මට මේ වෙච්ච දේ ගැන හිත හිතම මට එදා රෑ නින්ද ගියේත් නෑ 🤫🤫🤫🤫



පහුවදා මම නැගිට්ටේ ගොඩක් පරක්කු වෙලා ⏰ ඒ වෙනකොටත් ගෙදර කවදාවත් නැතුව පුදුම සද්දයක් තිබේ 😲 කවදාවත් නැතුව මේ මොකද්ද වෙන්න බලන්න මම පහලට ආවාමයි දැක්ක පැතුම් එයාගේ තාත්තා එක්ක අපේ ගෙදර ඇවිත්, ඒත් මෙයා මොකද මෙහේ කරන්නේ? හිත හිතම මම පහලට එද්දී මාව දැකලා පැතුම්ට පුටුවේ නැගිටුනා. එයා බලනවා ඇවිත් මම කොහොමද මෙහෙ ඉන්නේ කියලා. මට පැතුම් ගේ මුණ ඇබුල් කරන් ඉන්නවා දැක්කාම හිනා යන්නත් ආවා 😂😂😂😂 පව් අහිංසකයා 😁😁😁😁



"ආ.... එන්න දුව"



තාත්තා මට ලගට කතාකරද්දිත් පැතුම් ගේ මුණේ පුදුමය නම් 😲 අඩු වෙලා තිබ්බේ නෑ 😂😂😂😂 බිස්නස් එකේ තිබ්බ ගොඩක් ප්‍රශ්න පටන් අරන් තිබේ පැතුම් ආව දවසේ ඉදන්මයි, පැතුම් එයාගේ තාත්තා එක්ක එකතු වෙලා ලක්ෂ ගාණකට පාඩු කරලා ඒවා ඔක්කොම එයාලා ගේ වැඩ වලට අරන්, ඒ සල්ලි වලින් තමා එයාලා හොඳට ඉදලා තියෙන්නේ මෙච්චර කාලයක් 😡😡😡😡 ඒ ගැන අපේ අයියාගේ අතටම අහුවුණාට පස්සේ තාත්තාට කියලා ශේප් වෙන්න ඇවිත් තියෙන්නේ. ඒත් පැතුම්ටයි එයාගේ තාත්තාටයි ඒ වෙච්ච පාඩුව ගෙවන්නට වුනා.



මගේ BMW කුමාරයා 🤴 කවුද කියලා දැනගන්න දවසත් ආවා. එයා කවුද කියලා දැනගන්නකම් මගේ හිතට ඉවසිල්ලක් තිබේ නෑ 😉😉😉😉 පුරුදු ව්දිහටම මම බීචි 🏖️️ එකට යන්න ලෑස්ති වුනේ එයාව මීට් වෙන්න ❤️



" ආ... කොහෙද මේ යන්න ලැස්ති වෙන්නේ? අදවත් ගෙදර ඉන්නවා හලෝ, අබී ලංකාවට ඇවිත් අද මෙහේ එනවලු, අවුරුදු කියකින්ද එන්නේ, අද ගෙදර ඉන්නවා"



මම එලියට යන්න හදද්දී අයියාගේ ඒ කතාවට මට දුකත් හිතුණා 😐😐😐😐 එයා මං එනකම් බලන් ඉදීද දන්නෙ නෑ 😒😒😒😒 ඒත් ගෙදර හැමෝම ඉන්න කියපු නිසා මට කොහෙවත් නොයා ගෙදර ඉන්න වුනා 😪😪😪😪 පව් එයා මං එනකම් බලන් ඉදලා යන්න ඇති 😭😭😭😭 එහෙම හිත හිතම මම ඉද්දී අයියාගේ කටහඬ දොර ගාව්න් ඇහුණා.



" ඉක්මනට එන්න නංගී, මෙන්න ඔයාගේ අබී ඇවිත් ඉන්නෙ "



අබී ආපහු ලංකාවට ආපු එකට මට සතුටු හිතුනත් මට අද BMW කුමාරයා 🤴 හම්බවෙන්න යන්න බැරී වුන නිසා මගේ හිතේ තිබේ දුකක් 😟 මගේ BMW කුමාරයා 🤴 ගැන හිත හිතම මම පහලට ගියේ අබීව පිලිගන්නයි. අවුරුදු කියකින්ද මම අබීව දකින්නේ. කොල්ලා 👦 දැන් බැදලත් ඇති කියලා හිත හිතම මම පහලට ආවේ.



"ආ..... මැඩම්, දැන් අල්ල ගන්නත් ආමාරැයි නේ.....



ඒ කටහඬ 😳😳😳😳



"අබී ඔයා? 😳😳😳😳"



මට හිතාගන්නත් බෑ.... මෙච්චර කාලයක් ඉදන්ම BMW කුමාරයා 🤴 කියලා මම හිතාගෙන ඉදලා තියෙන්නේ වෙන කාවවත් නෙමෙයි මගේ අබීව ..... මට එයාව දැක්කට පස්සේ හිතාගන්නත් බැරුව ගියා මම දුවගෙන ගිහින් ඒ පපුවට තුරුලු වුනේ සතුට 😃 වැඩි කමටමයි.



" අනේ අනේ..... ඔච්චරටම මාව අදුර ගන්න බැරී වුනා නේ 😂"



"කොහො අදුර ගන්නද උස ගිහින් හැන්ඩ්සම් වෙලා නේ 😍😍"



" මතක නේ මම කිව්වා, කවදහරී දවසක ඔයාව අයිති වෙන්නේ මට විතරයි කියලා ❤️, මම ලෝකේ කොහෙ හිටියත් ඔයා ලගින්ම ඉන්නවා කියලා, එදා කිව්වා වගේම මම අද ආවා BMW කාර් 🚗 එකක නැගලා ඔයාව එක්කන් යන්න 😍😍"



"හ්ම්ම්ම්ම්.... මට මතකයි මගේ BMW කුමාරයො🤴 😂"



"මේ... පොඩිඩක් හිටපන්, උඹලා දෙන්නා මීට කලින් හම්බුනාද 😳😳"



අයියා වෙච්ච දෙයක් හිතාගන්නත් බැරුව අපෙන් එහෙම ඇහුවා.



" ඒක දිග කතාවක් මචන්, මම උඹට පස්සේ දවසක කියන්නම්කෝ 😂😂"



අබී එහෙම කියලා මාව තව ටිකක් තුරුලු කරගත්තා 🤗🤗🤗🤗



" I love you Pinky ❤ "



" I love you too මගේ BMW කුමාරයා 🤴 "



" පොඩි කාලේ ඉදන්ම යන එන හැම තැනකම පස්සෙන් ඇවිත් පරිස්සමි කලා වගේ මුලු ජීවිත කාලේම ලගින්ම ඉදන් පරිස්සමි කලනවා මැණික"



අබී එයාගේ පපුවට මාව තුරුලු කර ගන්න ගමන් කියන්න වුනා 😁😁😁😁



කොහෙමෙන් කොහොම හරි මගේ BMW කුමාරයා 🤴 අන්තිමට මගේ වුනා









*kaushlaya liyanage*



මෙහි පූර්ණ අයිතිය මුල් හිමිකරු සතු වේ..

උපුටා ගැනීම සම්පූර්ණයෙන්ම තහනම්.



ඔබගේ අදහස් පහලින් comment කරගෙන යන්න..

තවත් කථාවකින් නැවත හමුවෙමු..







දිගටම ඉන්න තව කතා දාන්නම් ♥️

Comments

Popular posts from this blog

🅱🅻🅰🅽🅲🅷🅴 🅼🅾🅽🅽🅸🅴🆁 ඛේදවාචකය ....

Dramma Queen