Dramma Queen

Dramma Queen




කෙට් කතාවක්






ලස්සනයි කියන හැම පද වැලක් අස්සෙම තියෙන්නේ කාගේ හරී දුක්බර කතාවක්"

" අද, 4 වෙද්දී එන්න, අපි වෙනදට හම්බවෙන තැනටම, වැදගත් දෙයක් තියෙනවා කියන්න"

" හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්"

හැමදාම වාඩි වෙලා හිටපු ඒ පුරැදු තැනම, මම අදත් වාඩි වෙලා ඉන්න වුණා.

" ආ..... මගේ වේඩින් කාර්ඩ් එක, මම කසුනිව මැරී කලනවා, මට වෙන කලන්න දෙයක් නෑ. මම හිතනවා ඔයා මාව තේරැම් ගනීවී කියලා, එයාට මම නැතුව ජීවත් වෙන්න බෑලු, මට එයාව බාර ගන්න සිද්ද වෙනවා"

" එතකොට මට, ඔයා නැතුව ඉන්න පුලුවන් කියලද ඔයා හිතන්නේ, ආ.... රසික, කතා කලන්න"

" ඔව්, පුලුවන් වෙයි නේ, මොකද අපි ආදරේ කලන්න පටන් අරන් තාම මාස 6යි නේ"

" මාස 6ක් ආදරේ කලත්, එක දවසක් ආදරේ කලත් හිතට දැනිච්ච ආදරයක් එහෙම අමතක කලන්න බෑ රසික"

"නිකන් බොරැවට රගපාන්න එපා, Dramma Queen"

මුහුද, ඉර ගිලගන්නවා, මගේ හිත දුක ගිලගන්නවා. තාමත් මම ඔයා තනිකරලා දාලා ගියපු ඒ බංකුව උඩට වෙලා ඈත අහස දීහා බලන් ඉන්නවා. වෙනසකට තියෙන්නේ, වෙනදට ඔයා වාඩි වෙලා ඉන්න තැන අද ඔයාගේ වේඩින් කාර්ඩ් එක තියෙන එකයි. මගේ නම එයි කියලා හීන දැකපු ඒ වෙඩින් කාර්ඩ් එකේ මගේ නම නැතුව ඇගේ නම තියෙද්දී තව මොනවා බලන්නද මම ඒ දීහා. මම ඒක මූහුදට විසික් කලා.

මාස 6කට පෙර,

"ආව්....."

"අනේ, සොරී..... මම ඔයාව දැක්කේ නෑ, ඔයාට තුවාලයක් එහෙම නෑ නේ"

ඒ, තමා මම එයාව දැක්ක පළවෙනි දවස, අහම්බෙන් වුනත් එයා ඇවිත් මගේ ඇගේ හැප්පුනේ හරියට ඒක වෙන්නම ලියවිලා තිබ්බා වගේ. ඒ ඇස්, මුණට වැටෙන්න දගලන කොණ්ඩේ, එයාගේ මුණට ගෙනාවේ අමුතුම සිරියාවක්. එදා අපි ආගන්තුකයෝ වගේ වෙන් වුනත් හැමදාමත් ඒ මුහුද ඉස්සරහා අපි හමුවුණා, මුලදී හිතුවත් මේක අහම්බයක් කියලා, පස්සෙයි තෙරැනේ මේක වෙන්න තිබ්බ දෙයක් කියලා. කාලයත් එක්කම අපි නැතුවම බැරි අය වුණා, මම ඒ බැදීමට ආදරේ කිව්වත් ඔයාට ඇයි එහෙම කියන්න බැරි වුනේ කියලා මට තෙරැම් යන්න මෙච්චර කාලයක් ගියා, අපි හැමදාම මේ මුහුද ඉස්සරහා හම්බවෙලා පින්තූර ගත්තේ එවා මතක සටහන් විදිහට තියාගන්න.

" කවදහරි ඔයාව නැති වුනොත් මම මේ රටෙන් ඈතකට යනවා, ගිහින් මේ හැම පින්තූරයක්ම රාමු කරලා ඔයාගේ මතකයත් එක්කම ජීවත් වෙනවා, රසික"

"හීහී..... ඔයා නම් හොදට රගපානවා, Dramma Queen"

" ඒක, රගපැමක් නෙමේ රසික, ඒක තමා ඇත්ත"

"හී හී...... ඒක එදාට බලමුකෝ"

කාලය ගෙවිලා ගියේ හරිම ඉක්මනට, මම හිතුවත් ඔයාව මගේම කලගන්න, මම එච්චරම වාසනාවන්ත නැති වුනා, මාස 4කට පස්සේ, ඔයාගේ කලින් ආදරේ ආපහු ඔයාව හොයාගෙන ආවා. ඒත් මම ඔයාට ආදරේ කලපු එක නැවැත්තුවේ නෑ. ඔයාට දැන් ඉස්සර වගේ මං ගැන ගානක් නැති වුනා, ඒත් ඔයාට තියෙන ආදරේ නිසා මම ඒ හැම දෙයක්ම ඉවසුවා, දවසක් මම අහම්බෙන් දැක්ක ඔය දෙන්නගේ පිංතූරේ නිසා, මම පරක්කු වැඩි කියලා මට හිතුණා. ඒක ඇත්තක් කරලා ඔයා මට අද ඔය දෙන්නගේ වෙඩින් කාර්ඩ් එක ගෙනත් දුන්නා.

" නෝනා, දැන් ගෙඩාක් රෑ වෙලා, මෙතනින් ගියා නම් නේ හොද"

" ඒ කටහඩට මාව ගැස්සිලා යනවත් එක්කමයි මට දැනුනේ මම මෙච්චර වෙලා තනි වෙලා ඉදලා තියෙන්නේ මගේම මතකයන් එක්ක නේද කියලා.

එදා එතනිම් මම නැගිටලා ආවේ, ආපහු ඒ මුහුද දිහා හැරිලාවත් බලන්නේ නැතුවයි.මුහුදට කතා කලන්න පුලුවන්නම් කියාව් මගේ ආදරේ තරම.

" කැනඩාව බලා පිටත් වෙන UL3467 යානයේ ගමන් ගන්නා මගීන් කරැණාකර ගේට් නම්බර් 2 වෙත පැමිණෙන්න"

----------------------------------------------------------------------



පසුව ලියමි

"රසික, හෙට ඔයා සුබ මොහොතින්, ඔයාගේ මනමාලීගේ අතින් අල්ලම් පොරැවට නගීද්දී, අද ෆ්ලයිට් එකෙන් මම මේ රට අතඇරලා යනවා, සමහරවිට මේ පණිවිඩය ලැබෙන කොට මම ඔයාගෙන් ගොඩාක් ඈතට ගිහිම් ඉදීවී. ඔයාගේ අලුත් ජීවිතෙට සුබ පතන්න එන්න බැරි වුනාට මට සමාවෙන්න, දවසක අපි හම්බුණ ඒ බංකුව උඩට ගිහින් මුහුදෙන් අහන්න, මේ ඔයාගේ Dramma Queen ඔයාට මොනතරම් ආදරේ කලාද කියලා.
අයිති වෙන්නේ නැති බැදීම් හරිම ලස්සනයි, හරියට අපේ ආදරේ වගේ, One day you will miss your Dramma Queen"

මගේ රට ඇතැරලා මම මෙහෙට ආවේ රසිකව අමතක කරලා අලුතින් ජීවිතේ පටන් ගන්න හිතන්, ඒත් මට ඒක කලගන්න බැරි වුණා, ඉස්සර අපි අර ගත්ත හැම පිංතුරයක්ම මම රාමු කරලා අදටත් මගේ ගෙදර තියාගෙන ඉනනවා.

ඒක පාර්ශික ආදරේ ඇතුලේ හැම දෙයක්ම තියෙනවා, හිමි වීමයී අහිම් වීමයි නැතුව.

" උඔ කොහෙද බම් ඉන්නේ, අන්න රසික උඔව හොයනවා"

දවසක් හැන්දැවේ, මගේ යාලුවාගෙන් ආපු පණිවිඩෙට මම ඔන්ලයින් ආවේ.

" ඔයා කොහෙද ඉන්නේ, ඇයි ඔයා මාව තනිකරලා ගියේ, ඔයා හරී ඔයා තරම් කවුරැත් මට ආදරේ නෑ, මට අන්තිමට ඉතුරැ වුනේ ඔයාගේ මතකයන් විතරයි. මම දන්නවා මම ගොඩාක් පරක්කුයි. Yes, I miss you soooo much my Dramma Queen"

රසිකගේ, මගේ ෆෙස් බුක් වෝල් එකේ එහෙම සටහනක් දාලා තිබුණා.

මම මගේ ෆොන් එක ඕෆ් කරලා දැන්මේ ආපහු කවදාවත් ඒක ඔන් කලන්න නම් නෙමේ.

" yes, you are too late Rasika"

මම මට ඉස්සරහින් තිබුන එයාගෙයි මගෙයි ෆොටො එක දිහා බලලා එහෙම කිව්වා.

කොච්චර කල් ගියත් හිතේ තදින්ම වැදුනු පුද්ගලයෙක් ගැන සමහර ම්නිස්සු තාමත් හිතනවා, ඒත් එකට නමක් දෙන්න බෑ ආදරේ කියලා, ඒත් එකට කියන්න පුලුවන් සංසාරගත බැදීමක් කියලා

*kaushlaya liyanage*


මෙහි පූර්ණ අයිතිය මුල් හිමිකරු සතු වේ..
උපුටා ගැනීම සම්පූර්ණයෙන්ම තහනම්.

ඔබගේ අදහස් පහලින් comment කරගෙන යන්න..
තවත් කථාවකින් නැවත හමුවෙමු..


දිගටම ඉන්න තව කතා දාන්නම් ♥️





Comments

Popular posts from this blog

pinky

🅱🅻🅰🅽🅲🅷🅴 🅼🅾🅽🅽🅸🅴🆁 ඛේදවාචකය ....