ආදරයද මේ.... 01
ආදරයද මේ.... 01 "මේ ඔයි කරුමයක් නොවී ඉක්මන් කරනවකෝ" "හරි හරි සිනෙත් , මන් මේ එනවා ඔයා නගින්න වාහනේට..." ඔව් ඒ මගේ මහත්තයා , සාදාදරනීය,ආදරනීය මහත්තයා පෙනවනේ ආදරේ තරම... බැදලා මේ වෙද්දීත් මාසයක් වෙන්න එනවා එත් අපි අතරේ තියන සම්බන්ධයට නමක් කියන්න මන් දන්නේ නෑ, මේ වෙනකන් ආදරෙන් වචනයක් මට කතා කරලා නෑ... නිකන්ම නිකන් ලියවිල්ලකට සීමා උන කසාදයක් මන් මේ කල්පනා කරේ ඇත්තටම මන් මේ කසාදේ බැන්දේ කැමැත්තෙන්ද අකමැත්තෙන්ද කියලා... අදටත් මට ඒක ප් රශ්නයක් -මාස 04කට පෙර- "අම්මේ මට බෑ අම්මේ දැන්ම කසාද බදින්න...." "ඇයි, ඇයි උඹට බැරි දැන්ම බදින්න... ආ... උඹව මන් තනියම දහා දුක් විදලා හැදුවා, බලපන් උඹට කොළඹ ගිහින් ලස්සනට ජීවත් වෙන්න ලැබෙනවා, අනික හොද උගත් වැදගත් මහත්තයෙක් ඒ ළමයා... " "අම්මේ, ඔයා හිතන්නේ කසාදේ කියන්නේ සල්ලි කියලද ? ඇයි ඔයාට තේරෙන්නේ නැත්තේ මන් කැමති නෑ ඒ මනුස්සයාව කසාද බදින්න..." "උඹ කැමති උනත් නැතත් මේ කසාදේ සිද්ද වෙනවා... මට උඹව තව ලඟ තියන් රකින්න බෑ බන්, මගේ හිතට බරක්.... මෙච්චරයි උඹ කැමති උනත් නැත