ආදරයද මේ.... 01

 ආදරයද මේ.... 01






"මේ ඔයි කරුමයක් නොවී ඉක්මන් කරනවකෝ"

"හරි හරි සිනෙත් , මන් මේ එනවා ඔයා නගින්න වාහනේට..."

ඔව් ඒ මගේ මහත්තයා , සාදාදරනීය,ආදරනීය මහත්තයා පෙනවනේ ආදරේ තරම... බැදලා මේ වෙද්දීත් මාසයක් වෙන්න එනවා එත් අපි අතරේ තියන සම්බන්ධයට නමක් කියන්න මන් දන්නේ නෑ, මේ වෙනකන් ආදරෙන් වචනයක් මට කතා කරලා නෑ... නිකන්ම නිකන් ලියවිල්ලකට සීමා උන කසාදයක්😒
මන් මේ කල්පනා කරේ ඇත්තටම මන් මේ කසාදේ බැන්දේ කැමැත්තෙන්ද අකමැත්තෙන්ද කියලා... අදටත් මට ඒක ප්රශ්නයක්

-මාස 04කට පෙර-

"අම්මේ මට බෑ අම්මේ දැන්ම කසාද බදින්න...."

"ඇයි, ඇයි උඹට බැරි දැන්ම බදින්න... ආ... උඹව මන් තනියම දහා දුක් විදලා හැදුවා, බලපන් උඹට කොළඹ ගිහින් ලස්සනට ජීවත් වෙන්න ලැබෙනවා, අනික හොද උගත් වැදගත් මහත්තයෙක් ඒ ළමයා... "

"අම්මේ, ඔයා හිතන්නේ කසාදේ කියන්නේ සල්ලි කියලද ? ඇයි ඔයාට තේරෙන්නේ නැත්තේ මන් කැමති නෑ ඒ මනුස්සයාව කසාද බදින්න..."

"උඹ කැමති උනත් නැතත් මේ කසාදේ සිද්ද වෙනවා... මට උඹව තව ලඟ තියන් රකින්න බෑ බන්, මගේ හිතට බරක්.... මෙච්චරයි උඹ කැමති උනත් නැතත් මේ කසාදේ සිද්ද වෙනවා එච්චරයි...
අකමැති උනොත් උඹ.... මගේ මිනිය බලන්න ලැස්ති වෙයන්..."

ජීවිතේ කවමදාකවත් මන් මගේ අම්මට මුරණ්ඩු වෙලා නෑ.... එත් අම්මා මේ දැන් මට කරන්න කියන දේ මන් කරන්න ඕනේද? අම්මා ඇත්තටම ජීවිතේ නැති කරගනිවිද??? අන්තිමට මන් හිත හදාගත්තා... මෙන දේ සිද්ද උනත් මන් මේ කසාදේ කරගන්න . මෙකද මන් කල්පනා කරද්දී, මගේ අම්මා මාව හදන්න දුක් විදපු විදිය ඇස් ඉස්සරහා මැවෙන්න ගත්තා.

"දුවේ නැගිටපන්, ඉක්මන් කරලා සාරිය ඇදලා ලැස්ති වෙයන්... නයනා අක්කා ඇවිත් උබට උදව් කරන්න..."

"නංගී මන් එනනද ඇතුලට."

"එන්න අක්කේ, මන් ඉක්මනට ඇග හොදගෙන එන්නම්."

ඔව්, මන් කිසිම දුකක් වේදනාවක් නැතුව, අම්මා වෙනුවෙන් මේ දේ කරන්න ලැස්ති උනා. නයනා අක්කා මාව පැයක් වගේ ඇතුලත ලැස්ති කරලා යන්න ගියේ හරිම ආසාවෙන්. මගේ ලස්සන ගැන වර්ණනා කරලා.

"නංගි හරිම ලස්සනයි බන් උඹ අද, නැන්දේ බල්න්නකෝ අපේ කෙල්ලෙගේ ලස්සන.... "

"ඔව් කෙල්ලේ...., උඹ හරිම ලස්සනයි අද, ඇස් වහක් නම් වදින්න එපා මගේ කෙල්ලට ...."

"නැන්දේ මන් යනවා .... මට පන්සල පැත්තෙත් යන්න තියන්වා..."

"හරි නයනා දුවේ... පරිස්සමෙන් පලයන්..."

නයනා අක්කා යනවත් එක්කම වගේ මට ඇහුනේ ගේ ඉස්සරහා ඇවිත් නවත්තපු වාහන සද්දෙයි, අම්මගේ කතාවයි

"එන්න,එන්න ගෙට. මහත්තයාලා පාන්දර වෙන්න ඇති එන්න ඇත්තේ .... කොළඹ ඉදන් වලස්මුල්ලට එනවා කියන්නෙත් එසේ මෙසේ දුරක්ද..."

"එහෙම ඒ හැටි පාන්දරක නෙවේ මැගිලින් මේ මහත්තයලා ඇවිත් තියෙන්නේ."

ඒ කිව්වේ වෙන කව්රුත් නෙවේ මේ කසාදේ කතා කරපු මගුල් කපුවා. එකා තාමා මාව මේ කසාදේ පටලන්න දගලන්නේ.

"ඒ උනත් මහත්තයන්ට මහන්සි ඇති නේද හොදටම මේ වෙනකන් ඇවිත් .... මට මේ කපු මහත්තයා කිව්වා... මහත්තයගේ අම්මයි,අප්පච්චි දෙන්නම වාහනේ හැප්පිලා මැරුනා කියලා..."

ඔව් අම්මේ.., එහෙම දෙයක් උනා. මං ටිකක් පොඩි කාලේම අම්මයි,තාත්තායි දෙන්නම නැති උනා. අම්මේ අම්මා මට මහත්තයා මහත්තය කියන්න එපා... මන් අම්මගේම පුතා කියලා හිතන්න ... අම්මේ මේ ඉන්නේ මගේ නැන්දයි, මාමායි..."

"පුතේ එහෙනම් පුතාලා ඉන්න මන් කෙල්ලව එක්කන් එන්නම්..."

අම්මා ඒ වචන ටික කියද්දි මන් නැගිටලා බුලත් හෙප්පුව අතට ගත්තේ එළියට යන්න. මාව අම්මා එක්කන් ගිහින් ඒ මනුස්සයා ලඟ හිටෙව්වා. එයත් බුලත් හෙප්පුව පිළිගත්තා.

"ඳුව එන්න මෙතනින් ඉදගන්න..."

මට ඇහුන විදියට මන් හිතන්නේ මේ නැන්දයි මාමායි වෙන්නෝනේ.... මන් හෙමින් ගිහින් ඒ දෙන්නට වැන්දා වැදලා ඉදගත්තා. එයාලා කතා බහා කරලා අපිට තනියම කතා කරන්න එලියට යන්න දුන්නා .... මාත් ගෙදර වත්තේ තියන බංකුවේ ඉදන් හැගිම් විරහිතව බලාගෙන හිටියේ මේ අදුරන්නේ නැති මනුස්සයා එක්ක මොනවා කතා කරන්නද කියලා හිතලා.

"හායි...! මන් සිනෙත් දේවසුරේන්ද්ර... එතකොට ඔයා..."

"මන් කවීශා.... කවීශා දෑලබණ්ඩාර.."

"මන් ඔයාට කැමති අපි ඉක්මනට වෙඩින් එක ගමු. එතකොට මේ හැම ප්රශ්නයක්ම ඉවරයි..."

"ප්රශ්න ???? මොන ප්රශ්නයක් ද ඔයා මේ කියන්නේ? මට නම් එහෙම ප්රශ්නයක් නෑ... ඔයා මොනාද මේ කියන්නේ "

"න්...න්...නෑ කවීශා, මන්...මන්.... මන් මේ කිව්වේ ආආඅ... මේ දුර , දුර ගැන. පොඩි දුරක් නෙවේ නේ මෙහෙට එන්න තියෙන්නේ ... ඔයාව බලන්න එන්න ගොඩක් දුර එන්නෙපැයි එක කිව්වේ ... "

"අහ් ඒකද... හ්ම් "

"කවීශා ඔයා මේ කසාදේ ගැන මොකද හිතන්නේ කැමති ද???"

මන් සද්ද නැතුව හිටියා... මන් කියන්නෝන මොනාද කියලා නොතේරුනත්, ඊලඟ තප්පරේම මට මතක් උනේ අම්මාව

"හරි කවීශා ඔයාට දැන් කියන්න බැරිනම් පස්සේ කියන්න . මන් ඇතුලට යනවා..."

"න්...න්...නෑ සිනෙත් මන් කැමතී.."

"ෂා... නියමයි නේ... තෑන්ක්ස්... කවිශා... න්..න්..නෑ මන් කිව්වේ මට් සතුටුයි ..."

එදා එහෙම ආව කට්ටිය පිටවෙලා ගියේ එයාලගේ සල්ලි වලින්ම කසාදේ දෙපැත්තෙන්ම වෙන්නෝ වැඩ කටයුතු එයාලා කරනවා කියලා පොරොන්දු වෙලා ... දවස් දෙකේම චාරිතර එකම දවසේ කරන්න කතා උනේ වියදම් එයාලගෙන් නිසා...
ඒ කිව්වා වගේම මේ කසාදේ සිද්දඋනේ මාස තුනක් වගේ පොඩි කාලයකින් .
කෙල්ලෙක්ට ජීවීතේ ලස්සනම දවස තමයි හනිමුන් එක. ඒත් එදා සිනෙත් හැසිරුනේ මන් හීනෙකින්වත් හිතපු නැති විදියට.

"මේ ඕයි, මන් තමුසෙව කසාද බැන්දා තමා... එත් එහෙමයි කියලා තමුසේ මගේ හැම රෙද්දටම අත දාන්න එන්න එපා. තමුසෙගේ පාඩුවේ ඉන්නවා."

"සි...සි..සිනෙත් ඇයි මේ,මං...මං කරපු වැරැද්ද මොකද්ද...?"

"මේ ගෑනියේ... මන් උබව බැන්දේ ... මගේ තාත්තගේ අවසන් කැමත්තට.... ඒ මනුස්සයා ලියලා තිබ්බේ මන් කසාද බදිනකන් මේ දෙපල මට නීතියෙන් තනි අයිතියක් නෑ කියලා... ඒ වගේම තමුසෙ බැන්දා කියලා නෑ... තමුසෙව ඩිවොස් කරන්නත් මන් අව්රුදු තුනක් වත් තමුසේ එක්ක ලෝකෙට පෙන්නන ජීවත් වෙන්නෝනේ.... එකයි බැන්දේ"

"අ..ආනේ... ඒත් ඇයි ඔයා මට මෙහෙම කරේ... මන් ඔයාට වැරද්දක් කරලා නෑ නේ ..."

"මේ ඕයි...මට තමුසෙගෙන් වැඩක් නෑ... එත් , ගමේ කෙල්ලෙක් ඇරෙන්න මේ වගේ වැඩකට කොළඹ අම්මන්ඩිලා හරියන්නේ නෑ... තමුසේ වගේ එකියක් හැන්ඩ්ල් කරන්න ලේසී... ඒකයි මන් නැන්දලා මේ යෝජනාව ගේනාව ගමන් කැමති උනේ... "

ඒ ඇහුන වචනත් එක්ක කතා කරගන්න වත් බැරුව අපි හිටපු කාමරේ අයිනකට වෙලා වරු ගනන් ඇඩුවා... අඩලා මගේ හිතට මන්ම කියා ගත්තේ එන දේකට මූන දෙනවා කියලා... මන් සාරියත් ගලවලා නාගෙන ඇවිත් නිදා ගත්තේ කල්පනා කරකර..

ඒත එක්කම සිනෙත් කාමරේට ආවේ කෙලින් හිටගන්නවත් බැරුව, හොදටම බීලා. වැටෙන්න යද්දි අමාරුවෙන් වත්තම් කරගෙන ඇදට දාලා...මාත් බිමින් නිදා ගත්තේ කල්පනා කර කර.

"ගෑනු... කියන්නේ ... ජරා ජාතියක්. මගේ ජීවිතේට ආදරේ එපා.. මට එපා ..."

මට ඇහුනේ සිනෙත් වෙරිමතින් කියවන සද්දේ . මට හිතුනේ මේ මනුස්සයා හිතේ දුක හිර කරන් ඉන්නවා කියලා . අපි ඊලඟ දවසේ උදේම එන්න පිටත් උනේ ගෙදර .

-වර්තමානයට-

"හරි අපි යමු සිනෙත් , මන් ඔක්කොම ගත්තා..."

"යමු කියලා එලියේ ඉන්නේ,අහවල් එකකටද? නගිනවා ඔයි රෙද්ද, අර රෙද්දේ අවසන් කමැත්ත නිසා මන් ඉවසනවා... නැත්නම් මන් තමුන්ව ඩිවොස් කර්න්නේ බැදපු දවසේ.. ඒ රෙද්ද නිසා මට තමුසෙව මේ මගුලේ ගෙනියන්න වෙන්නෙත්..."

€€€මොනා වෙයිද ???මෙ දෙන්නා කොහේ යයිද? කවීශා මොනා කරයිද€€€€
මේ දේවල් දැනගන්  අනෙක් කොටසින්  🥰😍😘 

ආදරෙයි හැමෝටම.

මේ මගේ පලවෙනි කෙටි කතාව 🥰 වරදක් ඇතොත් සමාවෙන්න 🙏🙏🙏

💙ගංතෙර සිතුවිල්ලෙන්💙
🌸මම:- නිමේ
🌸


#කතාවේ_පුර්ණ_අයිතිය_කතෘ_සතුයි_කතෘ_අවසරයකින්_තොරව_උපුටා_ගැනිම_හෝ
තමන්ගේ_ලෙස_වෙනස්කොට_බාවිතා_නොකරන්න.
kathalokaya45.blogspot.com



Comments

Popular posts from this blog

pinky

🅱🅻🅰🅽🅲🅷🅴 🅼🅾🅽🅽🅸🅴🆁 ඛේදවාචකය ....

Dramma Queen