Dear Boss

♥️Dear Boss ♥️ 






කෙටි කතාවක් (හැබැයි ට්කක් දිගයි)

loading...

කෞශාල් සේනිය රාජපක්ශ
CEO
AB & D Private Limited

ඒ නම දකිනවත් එක්කම මගෙ හිතෙ බය තව ටිකක් වැඩි වුනා.

මම නතාරා පෙරේරා. එතකොට මම මේ ඇවිත් ඉන්නෙ මගේ 1st job interview එකට. ටිකක් විතර බයක් නැතුවමත් නෙමෙ.

මිළගට ආවේ මගේ වාරේ. බයෙන් ගැහි ගැහි ඇතුළට ගියත් එක්කම බිමට නැබුරැ කලන් හිටපු එයා එකපාරටම ඔලුව උස්සලා බැලුවා.

"අම්බෝ නාතාරා එයාගේ ලස්සන"

මම මටම කියාගන්න වුනා. ඒත්‍ ශනිකයෙන් මට මතක් වුනා මම මේ ඇවිත් ඉන්නේ ඉන්ටර්වි නේද කියාලා.

Sir, මගේ මූන දිහාම බලන් මොනවද ප්‍රශ්ණ ඇහුවත් ඒ කිසිම දෙයක් මගේ ඔලුවට නම් ගියේ නැ.

අන්තිමට call back කලන්නම් කිව්ව්ව නිසා මම අන්‍තිම පාරට ඒ ලස්සන මූන දිහා බලලා එතනින් නැගිටලා ආවා.

මට ඒ රස්සාව ලැබේයි කියලා නම් ලොකු විශ්වාසයක් තිබ්බෙ නැ. ඒත් ඒ දැක්ක මුනත් මතක් කලන්ම මම ගෙදරට වෙලා හිටියා.

සති 2කට පස්සෙ මට අදුරන්නේ නැති නොම්බරෙකින් කෝල් එකක් ආවා.

" Hello"

"Hello, මම කෞශාල් කතා කලන්නේ"

" කවුද කෞශාල් කියන්නෙ"

" මීට සති 2කට උඩදි ඔයා ඉන්ටර්වි ආපු කම්පැනියේ CEO කතා කලන්නේ "

මට එක පාරටම හිතාගන්න බැරුව ගියා.

" ආ ආ ආ ඔව් sir කියන්න"

" ඔයා ඉන්ටර්වි එක පාස් වූනා.හෙට ඉදන්ම වැඩට එන්න"

එච්චරයි කියන්න හම්බුනේ ඉක්මනටම ලයින් එක කට් කලා.

" මහාම මහා නපුරු කුමාර් කෙනෙක්"
මම මටම කියාගන්න වුනා.

පුරුදු පරිදි මමත් උදෙන්ම නැගිටලා අලුත් ඔෆිස් එකට යන්න ලැස්ති වුනා. අම්මත් උදෙන්ම නැගිටලා කිරි බත් එහෙමත් උයලා.

" ෂා ඇස් වහාක් නැ අද නම් මගේ දුව හරිම ලස්සනයී හරියට නිකම් සුරංගනාවියක් වගේ "

" මෙහේම ගිහීල්ලා මෙයා අර බොසාවත් අල්ල ගනීද දන්නේ නැ, නේද අම්මා "

ඒ කතාව නම් කීව්වෙ මගේ අක්කා.

මගේ අක්කා ටීච කෙනෙක්, එයා හෙට අනිද්දම බදින්නයි ඉන්නේ. අපේ තාත්තා ඉන්නේ රට.

අක්කා කියපු ව්දිහටම මම ලස්සන වුනත්, මට තාම ආදරේ කලන්න කෙනෙක් නම් ලැබිලා නැ. මේ අලුත් ඔෆිස් එකෙන්වත් කෙනෙක් හොයාගන්න ඕනී.

මම ඉන්න කියපු වෙලාවටත් කලින්ම එතෙන්ට ඇවිත් හිටියේ. Reception කියපු විදිහටම මම Sir එනකම් වාඩී වෙලා හිටියේ. ටික වේලාවකින් කලු පාට අත් දිග shirt එකට brown පාට කලිසමට එයාව hadsome එකට පෙනුනා. මට ඒ වෙලාවේ sir ව බදාගන්න හිතුනත් මම මාවම කොනිත්ත ගෙන sir දිහා බලලා ලාවට හිනා වුනා.

"Good Morning Sir"

මම sir දිහා බලලා හිනා වෙන ගමන් කිව්වා.

"Hm,Good Morning, නාතාරා. නාතාරා මොනව වුනත් වෙලාවට වැඩ කලනවා නේ. Very good, මම ආස ඒකට"

Sir ඒ ටික කිව්වත්, Sir ගේ මුනේ හිනාවක් ගැවිලාවත් තිබ්බේ නෑ.

" මේ නපුරට හීනා වෙන්නවත් දත් නැද්ද කොහෙද. මම මටම කීයා ගත්තා"

කොහොමෙන් කොහොම හරි දවසින් බාගයක්ම Sir, මාව එයාගේ ඔෆිස් එකේ තියන් මට වැඩ වේන්න ඕනී විදිහ කියලා දුන්නා.. ඒ මුලු වේලාවටම එයාගේ මූණේ නම් පොඩිවත් හීනාවක් නම් තිබ්බේ නෑ.

Sir ගේ කැබ්න් එකෙන් එලියට ඇව්ත් මගේ seat එකට ආවා.

" Hi, mn Isuru, nice to meet you, Oyada me apita help klnna apu aluth kena"

ඒ වචන ටිකට මම ගැස්සිලා බැලුවේ කවුද ඒ කියලා බලන්නයි. අපේ හැන්ඩ්සම් bosa තරම් හැන්ඩ්සම් නැති වුනත් එයාගේ කියන්න තරමේ ලොකු වැරැද්දකුත් නෑ.

" Hi, mama Nathara. Nice to meet you too"
ලාවට වගේ පැනි හිනාවකුත් දාලා මම උත්තර දුන්නා.

කාලය ගෙවිලා ගියා, මම වැඩට ඇවිත් මාසයකුත් ගෙවුනා. මමයි ඉසුරැයි හොදම යාලුවෝ වුනා. අපි 2න්නා හැමදෙයක්ම බෙදා හදා ගන්න තරමටම

" මේ, එක නෙමේ ඉසුරැ, අපේ boss ta හිනා වෙන්න දන්නේ නැද්ද? " මම දවසක් ඉසුරැ ගෙන් ඇහුවා.

ඒක අහපු ගමන් ඉසුරැ අමුතු දෙයක් කියවුනා වගේ මගේ දිහා බැලුවා.

" ඇයි ඔයා කවදාවත් නැතුව එහෙම දෙයක් ඇහුවේ? "


" නෑ, මම ආපු දවසේ ඉදන්ම එයා ඉන්නේ බුම්මගෙනමයි, එකයි මම එහෙම ඇහුවේ"

"හම්ම්"
" එයා ඉස්සර ඔහොම නෑ, එයාගේ තාත්තා තමා ඉස්සර අපේ CEO, ඒත් එක දවසක Sir, madam කාර් එකේ යද්දී accident එකක් වේලා මැරැනා. එදා ඉදන් මෙහේ වැඩ බාරගත්තේ කෞශාල් සර්. එත් එදා අම්මටයි තාත්තටයි වුන දෙයින් පස්සේ එයා වැඩිය කාත් එක්කවත් කතාවක් හිනාව්ක් නැති වුනා. මොනව වුනත් පව්, තනියමනේ හැදෙන්නේ, එකයි"

" එතකොට සර්ට ආදරේ කලන්න කෙනෙක් නෑද්ද? "

කොච්චර මොඩ ප්‍රශ්නයක් වුනත් මට ඒක දැනගන්න ඕනිම වෙලයි තිබුනේ. මොකද මටත් නොදැනිම මම සර්ට හිතින් ආදරේ කලන්න පටන් අරන් තිබුනේ.


" ඔයත් ඉදලා ඉදලා හරි ප්‍රශ්ණ තමා නේ අහන්නේ, මම දන්න තරම්න් නම් එයා තාම තනිකඩයි. අපේ ටීශා ඒ දවස් වල සර් ගේ පස්සෙන්ම වැට්ලා හිටියා, ඒත් සර් ගනන් ගත්තෙ නෑ"

" හැබැයි, ඔයා lucky "

ඒ කියපු කතාව නම් මට එච්චරම ඇල්ලුවේ නෑ. ඒ නිසාම මම හොදට ඉසුරැ දිහා බැලුවා, බැලුවමත් නෙමෙයි මට ඉබේටම බැලුනා.

" නෑ මම කිව්වේ, ඔයාගේ පොසිශන් එකට බැලුවේ ගොඩාක් qualification තියෙන කෙනෙක්ව, ඒත් සර් තෝර ගත්තේ ඔයාව, මට ඒත් මුලින්ම පුදුමත් හිතුනා. ඒ අතින් බැලුවාම ඔයා ගොඩක් lucky."

ඉසුරැ ගේ කතාවට මගේ හිත පොඩ්ඩක් ගැස්සුනත් මම ඒ බවක් පෙන්නන්න ගියේ නෑ. මම එ කතාව ගැන හිත හිත වැඩි වෙලාවක් ඉන්න හම්බුනේ නෑ, කොහෙදො මන්දා ඉදන් මැන්ඩි එතෙන්ට ආවා.

" අන්න බොසා උබට එන්නලු"

මැන්ඩි කියපු කතාවට මම ගැස්සිලා ගියා.

"කොහොමද ලොක්කගේ මූනත් තහඩුව? "

" ගිහින්ම බලපන්කෝ"

ඉවරයි, නතාරා, ඉවරයි. අද නම් බැනුම් සුවර්. බොසා දීපු වැඩෙත් තාම බාගෙට නේ කරලා තියෙන්නේ. අද නතාරා ඉවරයි. එහෙම හිත හිතම මම බයෙන් බයේ බොසාගේ කැබ්න් එක ඇතුලට ඔලුව දැන්මා.

" ආ..... නතාරා, එන්න ඇතුලට"

බොසා ගේ මූණ ටිකක් ශේප් නිසා මම බය පොඩ්ඩක් පැත්තකින් තියලා ඇතුළට ගියා.

" නතාරා, මම ඔයාට එන්න කිව්වේ වැදගත් දෙයක් කියන්න "

ඒ වචන වලට මගේ හිතේ තිබ්බ කුතුහලේ ටිකක් වැඩ් වුනා.

" ඔයාව මේ පොසිශන් එකට තෝරගත්තේ විශේෂ හේතුවකට, අනිද්දට අපේ ඔෆිස් එකේ විශේෂ උත්සවයක් තියෙනවා, ඒ ඉවෙන්ට් එක සම්පුර්ණයෙන්ම බලන්න ඕනී ඔයා, මම ඔයාගේ උදව්වට ඉසුරැටත් ඉන්න කියන්නම්"

මම හා කියලා ඔලුව වැනුවේ, හිතෙ තියෙන සතුටටත් එක්කමයි.

" ආ.... තව දෙයක්, මේ දවස් දෙකේ ගෙදර යන්න පරක්කු වෙයි, එකට කමක් නැද්ද? "

" කමක් නෑ සර්, මම ඉන්නම් "

" හරි, දැන් ගිහින් වැඩ පටන් ගන්න"

මම සර්ගේ කැබින් එකෙන් එළියට ආවේ පුදුම සතුටකින්, මේක මගේ පළවෙනි ඉවෙන්ට් එක. පොඩ්ඩක් විතර බයක් තිබුනත්, ඉසුරැ මට උදව්වට ඉන්න නිසා මටත් අවුලක් වුනේ නෑ.

ඔන්න ඉවෙන්ට් එකට කලින් දවසත් ආවා, එදා වැඩ ගොඩාක් වැඩි දවසක් වුනා. වෙලාව රෑ 7ට විතර ඇති. හොදටම වැස්සත් එක්ක, මම පුටුව උඩ නැගලා ඩෙකරේශන් වගයක් කල කල ඉද්දී, එක පාරටම හයියෙන් කොටපු විදුලියකට බය වුන පාර මම පුටුවත් පෙරලගෙනම වැටුනා. ඒත් එක පාරටම මම කාගේ හරි අත් දෙකකට හිර වුනා, ඒ කාගේද බලන්න මම ඔලුව උස්සද්දිම තවත් හයියෙන් විදුළියක් කෙටුවා. මම කිසිම අවසරයක් නැතුවම ඒ පපුවට එහෙම්ම තුරැලු වුනා.

" කෙල්ල, අකුණු ගහනවට ඔච්චරම බයයිද? ආ.... "

"හම්ම්ම්ම්ම් "

මම කෙටියෙන් උත්තර දුන්නේ, ඒ ආගන්තුක උණුහුමේ තව ට්කක් රැදෙන්න හිතන්.
ඒ ගමන්ම, ඉසුරැ මාව එයාගේ අත් දෙකෙන් තව තවත් එයාගේ පැත්තට තුරැලු කලගන්න ගමන්, මගේ තොල් වලට ලන් වුනා, ඒත් එ මොහොතෙම....

" මොකද්ද මෙතන වෙන්නේ? "

දෙවියනේ, ඒ කෞශාල් සර් ගේ කටහඩ නේ, එතකොට සර්, මේච්චර වෙලා ඉදලා තියෙන්නේ ඔෆිස් එකේමද. ඔය වගේ ගොඩාක් ප්‍රශ්ණ මගේ හිතේ වැඩ කලා.

" වැඩ කලනවා කියලා, මේතන මගුල් නටනවද? "

සර් ගේ වචන, එළියේ කොටන විදුළියකටත් වඩා සැර වැඩි වූණා. සර් ගේ වචන වලට ගැස්සුන පාර ඉසුරැත් මමත් දෙපැත්තට වුනා විතරක්ම නෙමේ, ඉන්න තැනම ගල් ගැහුණා. සර් ගේ මුණ බලන්න බැරි තරම් තරහෙන් පිරිලයි තිබුනේ. සමහර විට අපි තාම වැඩත් ඉවර නැති නිසා සර්ට තරහා යන්න ඇති. එතන වුන දේ සර්ට පැහැදිලි කලන්න මට ඕන කමක් තිබුනත්, සර් එතනින් තරහින් යන්න ගියපු නිසා මම එතනම රැදුනා.


" Sorry "

ඉසුරැත් මමත් එකවරම කියන්නට වුනා.

පහුවෙනිදා අපේ ඉවෙන්ට් එක. ඒකේ වැඩත් එක්කම මමත් කාර්යබහුල වුන නිසා මට සර්වත්, ඉසුරැවත් දැක්කේ නෑ. එක අතකින් එක මගේ හිතට ගෙනාවේ සැනසීමක්. කොහොමෙන් කොහොම හරි, ඉවෙන්ට් එකත් පටන් ගත්තා. කොච්චර කලත් මගේ හිත සර්වමයි හෙව්වේ.ට්කකින් මගේ ඇස් හොයපු දේ මට හම්බුනා. කෞශාල් සර් කවදාවත් නැතුව හොදටම බොනවා. ඒ දේ දැක්කම මගේ හිතට පුදුමාකාර දුකක්. මම ටක්ගාලා සර් ගාවට ගියා. මට ඕනි වුනේ සර් බොන එක නවත්තන්නයි.මොකද ඒ තරමටම සර්ට හොදටම වැඩියි. මම එතෙන්ට ගිහින් සර්ට කතා කලා.

" සර්, දැන් ඇති නේද. සර්ට දැන් හොදටම වැඩියි, යමු සර් අපි දැන් ගෙදර"

"යනවා යන්න මේතනින්, මට මගේ පාඩුවේ ඉන්න දීලා, ඔයා හින්දා තමයි මේ හැමදෙයක්ම"

සර්ගේ කටින් කියවුන ඒ වචන ට්කට මම ගැස්සිලා ගියා. ඒ වචන ටික මගේ හිතේ දොංකාර දෙන්න ගත්තා. ඒත් එක්කම මම දැක්කේ නැගිට ගන්නවත් බැරිව සර් නැගිටලා යන්න හදනවා. ඒත් එක්කම සර් වැටෙන්න ගියත් මම ටක්ගාලා ගිහිල්ලා සර්ව අල්ල ගත්තා. සර්ව මේ ව්දිහට තනි කරලා යන්න මගේ හිත නොදුන්න නිසා මම සර්වත් මගේ ඇගට වාරැ කරගෙන සර්ගේ වාහනය ගාවට ගියා. සර්ගේ ඩ්‍රයිවර්ගේ උදවුවෙන් මම සර්ව කාර් එකට දාලා සර්ව ගෙදර එක්කන් යන්න හිතන් මමත් කාර් එකට නැග්ගා. සර් තවත් ඇපැහැදිලි මොනවදෝ කියන ගමන්, මගේ ඔඩොක්කුව උඩින් ඔලුව තියාගත්තේ හරියට පුංච් ළමයෙක් වගේ. මම සර්ට එහෙම්ම ඉන්න දීලා සර් ගේ ඔලුව හෙම්න් සැරේ අතගාන්න වුනා. අපි දන්නෙම නැතුව ගෙදරටම ඇවිත්. ලොකු කලු ගේට්ටුවකින් විවර වුන ඒ ගෙදර තට්ටු 3කින් යුත් සුවිසල් මන්දිරයක්. ජීප් එකකුත් නවත්තලා තිබුනා, ඊට එහා පැත්තෙන් කාර් එක නවත්තලා මට උදව්වට නිමලුත් ආවා. නිමල් ගේ උදව්වෙන් මම සර්ව වාරැ කලන් සර් ගේ කාමරේට ගිහින්, සර්ව ඇදෙන් හාන්සි කරවලා ආපහු එන්න හැරැන්ත් මගේ අත කවුරැ හරි තදින් අල්ලන් ඉන්නවා කියලා මට දැනුනා. ඒත් එකකම මාව ඇදලා එයාගේ ලගට ගත්තා.

" My Angel, I love you my angel"

බීමත් කමින් හිටියා වුනත්, සර් ඒ වචන ටික හරිම පැහැදිලිව කිව්වා.

" My Angel Nathara, I love you soo much, please dont hurt me, ඔයා වෙන කෙනෙක්ට අයිති වෙනවා බලන් ඉන්න මට බෑ. ඔයා අයිති මට, මට විතරමයි"

සර්ගේ ඒ වචන මට අදහාගන්නත් බැරි වුනා. ඒ කියන්නේ පෙන්නුවේ නැති වුනාට සර් මට ආදරේ කරලද.

" I love you too sir"

මටත් නොදැනිම මගෙන් ඒ වචන ටික පිටවුණා. සර්ගේ ලස්සන මතකෙත් එක්කම මම ගෙදර එන්න වුණා.

වෙනදා නැති සතුටකින් මගේ හිතත් පුරවන් මම පුරැදු විදිහටම වැඩට ආවා. කවදාත් නැතුවම මගේ හිත සර් එනකන් මග බලන් හිටියා. පුරැදු විදිහටම සර් වැඩට ආවත් ඒ මූණේ නම් කිසිම වෙනසක් මම දැක්කේ නෑ.

" අන්න, නාතාරා සර් ඔයාට එන්න කිව්වා"

මගේ හිතේ අලුත් බලාපොරොත්තුවක් ඇති වුනා. සමහර විට සර් කිසිම වෙනසක් පෙන්නන්න නැත්තේ කට්ටිය ඉන්න නිසා වෙන්න ඇති කියලා හිත හිතම මම සර්ගේ කැබින් එකට ගියා.

" ආ... නතාරා තෑන්කියු ඊයේ මාව ගෙදර එක්කන් ගියාට, මට මුකුත් මතක නැතුව හිටියේ, පස්සේ නිමල් තමයි මට විස්තරේ කිවුවේ. බලන්න්කෝ නතාරා මට කිසිම දෙයක් මතක නෑ නේ ඊයේ වෙච්ච, කොහොමද ඊයේ ඉවෙන්ට් එක හොදට තිබුනද?"

මම බිම බලාගෙනම ඔව් කියන්න ඔලුව වැනුවේ, මගේ දුක සර් ගෙන් හන්ගන්න හිතන්. මම සර්ගේ කැබින් එකෙන් එළියට ඇවිත් කෙළින්ම ගියේ washroom එකට. ඒ කියන්නේ සර් ඊයේ කියපු හැමදෙයක්ම කියලා තියෙන්නේ වෙරිමතින් හිටපු නිසා මිසක් ඇත්තටම මට ආදරයක් නිසා නෙමෙද. ඇයි මගේ ආදරේ ඇති වෙච්ච තැනම මරලා දැන්මේ සර්, ඇයි එහෙම කලේ. මගේ හිත මොන තරම් රිදුනත් මම ඒ බවක් කාටවත්ම පෙන්න නැතුව ඉන්න හිත හයිය කලගත්තා.

කාලය ගෙවිලා ගියා. මගේ හිත කොච්චර හදාගන්න හැදුවත් මට සර් ගැන මගේ හිතේ තියෙන ආදරේ මරලා දාන්න බැරි වුනා. මම ඒ නිසා ඒ ආදරෙත් එක්කම ජිවත් වෙන්න තීරණය කලා. මම වෙනදා විදිහටම වැඩ කලන් ගියා කාටවත් කිසිම වෙනසක් පෙන්නනෙ නැතුවම. ඉසුරැට පිට රට යන්න අවස්ථාවක් ලැබිලා එයා රස්සාවෙනුත් අයින් වේලා ගියා.

කාලය මටත් නොදැනිම ගෙවුනා. මගේ 25 වෙනි උපන්දිනේ දවස උදා වුනා. එදා මම ඕන කම්න්ම බොරැ ලෙඩ නිවාඩුවකුත් අරන් ගෙදර නැවතුනා. මගේ උපන් දීනේ අමතකම වෙලාද කොහෙද කවුරැත් කිසිම කතාවක්වත් නෑ. ඔහොම දවස ගෙවුනා, ගෙදර අයගෙත් කිසිම වෙනසක් නැති නිසා එයාලට අමතක වෙලා ඇති කියලා හිතලා මමත් නිකන් හිටියා. රෑ 8ට විතර අක්කා මට කතා කලනවා ඇහුනා. මම පහළට යනවත් එක්කම මුලු ගෙදරම කරන්ට් එක ගියා. එතකොටත් මම පහලටම ඇවිත්. ආපහු විනාඩ් 5කින් විතර ලයිට්ස් ඔන් වෙනවත් එක්කම....

" Happy Birthday My Angel " ලොකු ටේඩි කෙනෙකුයි, heart හැඩේ කේක් එකකුත් අරන් එයා අපේ ගෙදර.

" දෙවියනේ කෞශාල් සර්, ඔයා? ඒත් ඒත් ඔයා කොහොමද"

තව අහන්න ප්‍රශ්ණ කොච්චර තිබුනත්, සර් මගේ තොල් වලට ඇගිල්ලක් තියලා වචනයක්වත් කියන්න දුන්නේ නෑ. එයා සාක්කුවෙන් මොනවද පුංච් පෙට්ටියක් අරන්,

" Will you marry me angel"

කියලා අහනවත් එක්කම මට මුලු ලෝකෙම අමතක වෙලා ගියා. මම ඉන්නේ ගෙදර නේදත් කියලා අමතක වෙලා මම දුවලා ගිහිල්ලා සර්ට තුරැලු වුනා. එතකොට තමා මට දැක්කේ හයියෙන් අත්පුඩ් ගහන අම්මයි අක්කවයි. ලැජ්ජාවෙන් මූණත් රතු කලන් මම සර්ගේ තුරැලෙන් අයින් වුණා.

" ලැජ්ජ වෙන්නේ මොකටද, මේ හැම දෙයකටම මට උදව් කලේ ඒ දෙන්නා තමා"

සර් මගේ කනට කරල කියනවත් එක්කම මම ආපහු පාරක් සර් ගේ පපුවට තුරුලු වුනා.

"ලමයා බොරැවට ලෙඩ නිවාඩු දැන්මේ උපන්දිනේ අමතක කලන්න නේ, ඒත් ඒක මට අහුවුණානේ"

ඔන්න ඔහොම මම සර්ගේ ආදරේ හිමිකාරී වුනා. අපි අවුරැද්දකින් දෙමාපිය ආශිර්වාදය මැද්දේ ව්වාහා වුනා.

පසුව ලියම්

අපේ මංගල රැයේදීත් අවට පරිසරය වැහී බර වුනා. එදත් හොදටම විදුලි කොටන්න වුනා. ඒ කොටපු විදුළියකට බය වුන පාරට මම කෞශාල් ගේ පපුවට තුරැලු වුණා.

"කෙල්ල ඉස්සර වගේම තාමත් විදුළි කොටනවට බයයි නේද? "

මම ලැජ්ජාවෙන් තවත් ඒ පපුවට තුරැල් වුනා.

" දන්නවද, මට ඔයා ගැන ආදරයක් ඇති වුනේ ඔයාව මම දැක්ක පළවෙනි දවසේමයි. මම ඔයාවම තෝර ගත්තේත් ඔයාව මට පේන දුරින් තියාගන්නමයි. ඔයා රෑ වැඩ කලපු හැම දවසකම මම ඔයා යනකන්ම බලන් හිටියේ ඔයාගේ ආරක්ශාවට, එදා ඉසුරැ ඔයාව තුරැල් කලන් ඉන්නව දැක්කම මට ගොඩාක් තරහා ගියා, මම හිතුවා මම පරක්කු වැඩි කියලා, මට ඕනි වුනේ මම වගේම ඔයත් මට ආදරේද කියලා දැනගන්න. ඒ නිසා මම එදා ඉවෙන්ට් එක දවසේ බොරැවට බීලා මත් වුනා වගේ රගපෑවා. එදා ඔයා මට ආදරේ කිව්වාම මට ගොඩක් සතුටු හිතුනත් ඔයාව suprise කලන්න හිතන් මම මුකුත්ම මතක නෑ වගේ හිටියා. මට ඔයාට ලන් වෙන්න ඔයාගේ අම්මයි අක්කයි මට ගොඩාක් උදව් කලා "

" නපුරා, ඒ කියන්නේ ආදරේ කල කලත් බොරැවට නෑ වගේ රගපාලා මාව ඇඩේව්වා නේ, මම තරහයි"

එහෙම කියලා බොරැ තරහක් අරන් මම අනිත් පැත්ත හැරෙන්න හැදුවත්, ඔහු මගේ දෙතොල් සිප ගන්නට වුණා, මමත් ඒ පහසට අවනත වුණා. ලස්සන රැයක් ගෙවෙනවත් සමගම මම ඔහුගේම වුණා.

 නම් ගම් මනංකල්පිතයි.
*kaushlaya liyanage*

මෙහි පූර්ණ අයිතිය මුල් හිමිකරු සතු වේ..
උපුටා ගැනීම සම්පූර්ණයෙන්ම තහනම්.

ඔබගේ අදහස් පහලින් comment කරගෙන යන්න..
තවත් කථාවකින් නැවත හමුවෙමු..

දිගටම ඉන්න තව කතා දාන්නම් ♥️







Comments

Post a Comment

Popular posts from this blog

pinky

🅱🅻🅰🅽🅲🅷🅴 🅼🅾🅽🅽🅸🅴🆁 ඛේදවාචකය ....

Dramma Queen